2026 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන ගැසට් නිවේදනය 2026.08.21 දින පළ කෙරිණි.
මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා 2026.08.25 දින සිට 2026.09.14 දින දක්වා අයදුම්පත් , ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකිය.
ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ පළාත් රාජ්‍ය සේවාවල ගුරු සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියට උසස් වී වසර හතරක් (04) ගතවීමට පෙර III වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කළ යුතුය. එම නිලධාරීන්ට අමතරව, 2-I ශ්‍රේණියට උසස්වීම් ලබා වසර 4 ක් ඉක්මවා ගිය ද, 2025.06.30 දිනෙන් පසු I වන ශ්‍රේණි උසස්වීම් යෙදෙන ගුරුවරුන් ද I ශ්‍රේණියට උසස්වීම් ලැබීම සඳහා III වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු වේ.
මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලයන්හි විෂය නිර්දේශය ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ e – thaksalawa නිල වෙබ් අඩවියේ පළ කර ඇත.
මෙම විභාගය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ස්වයං අධ්‍යයන ක්‍රමවේදය නිර්දේශ කරන අතර පහත දැක්වෙන සබැඳිය (Link) මගින් e - thaksalawa වෙබ් අඩවිය වෙත පිවිස එහි III කාර්යක්ෂමතා කඩඉම් විභාගය යටතේ ඉදිරිපත් කර ඇති විෂය කරුණු අධ්‍යයනය කිරීම තුළින් විභාගයට පෙනී සිටීමට දිරිමත් කරනු ලැබේ.
https://e-thaksalawa.moe.gov.lk/lcms/course/index.php?categoryid=