2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අවසන් කිරීම හා තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම
2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා 2026.08.07 වන සිකුරාදා දින අවසන් වන අතර මුස්ලිම් පාසල් සඳහා 2026.09.02 වන බදාදා දින අවසන් වේ. සියලු ම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2026.09.07 වන සඳුදා දින ආරම්භ වී 2026.12.04 වන සිකුරාදා දින අවසන් වේ. 2026 - අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මස 10 සිට සැප්තැම්බර් මස 05 දක්වා පැවැත්වේ.