මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැති ආපදා වාර්තාකරණ ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවට
මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැති ආපදා වාර්තාකරණ ධාරිතා සංවර්ධන වැඩසටහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශලයා ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව නිමාවට
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය, ඩිජිටල් සහ වෙබ් මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවේ දෙවන අදියර අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.
2026 සැප්තැම්බර් 21 සහ 22 දෙදින පුරා පැවැති මෙම වැඩසටහන සඳහා කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ. ආපදා කළමනාකරණයට අදාළ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණ සම්පත් දායකයින් විසින් ආපදා සූදානම, ඔරොත්තුදීමේ හැකියාව සහ ආචාරධර්මානුකූල මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස මාධ්‍යවේදීන් දැනුවත් කරන ලදී.
මෙම විශේෂ අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශලයා ආරියරත්න සහභාගී වූ අතර, වැඩසටහන සාර්ථකව නිම කළ මාධ්‍යවේදීන් වෙත සහතික පත් ප්රදානය කිරීම සහ මාධ්‍යවේදීන් සඳහා වූ පුහුණු අත්පොත ප්‍රධානය කිරීම ද නියෝජ්‍ය අමාත්‍යවරිය අතින් සිදුවිය.