මෙහිදී සනීපාරාක්ෂාව, කසළ කළමනාකරණය, සිසුන්ගේ චර්යාත්මක හා ආචාරධාර්මික ගුණාංග වර්ධනය කිරීම යනාදී තේමාවන් මූලික කර ගත් වැඩසටහන් මාලාවක් දියත් කිරීම ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන අතරතුර ඊට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනේ අරමුණු පැහැදිලි කරමින් වැඩිදුරටත් අදහස් දැක්වී ය.
සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන් අද දින වැඩසටහන පැවති අතර 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය පුහුණුව එහිදී ලබා දුනි. මෙම පුහුණුව සඳහා පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ තෝරා ගත් නියෝජිත පිරිසක් එක් වූහ.






