කවදත් දැයේ දරුවන්ට හොඳම දේ දායාද කරන හැටන් නැෂනල් බැංකුව Giftober මාසය
සමඟින් ඔක්තෝම්බර් 1 වනදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ගේ
කුසලතා හා නිර්මාණශීලීත්වය අගයන අතරතුර ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති
කිරීම හා දිරිමත් කිරීමේ අරමුණ ද පෙරදැරිව ආකර්ෂණීය තෑගි හා ප්රතිලාභ රැසක්
රැගෙන දීප ව්‍යාප්ත HNB ශාඛාවල ලෝක ළමා දිනය උත්කර්ෂවත් ලෙස සැමරනු ලැබීය.
මේ වෙනුවෙන් HNB විසින් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවයක් මහරගම HNB
පාරිභෝගික ඒකකයේදී HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී,
ජොනතන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4000 ක් සහ ඔවුන්ගේ දෙමාපියන් දිවයින පුරා විහිදී
ඇති HNB පාරිභෝගික ඒකක 40 ක් වෙත කැඳවා ඔවුන් සමඟ ලෝක ළමා දිනය
සමරන්නට බැංකුව මෙවර කටයුතු කර තිබූ අතර එදිනට සහභාගී වූ දරුවන්
වෙනුවෙන් විනෝදජනක කී‍්‍රඩා ඇතුළු විවිධාංග රැසක් සූදානම් තිබුණි.
සෑම විටම ගනුදෙනුකාරභවතුන්ට උපරිම ප්රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ
දැක්ම අනුව යමින් මෙම වසරේ Giftober වැඩසටහන හරහා සෑම සිඟිති ගිණුම්හිමි
දරුවෙකුටම ජම්බෝ පෑන් රඳවන, පාසල් උපකරණ කට්ටල සහ ජම්බෝ කැට ඇතුළුව
රුපියල් 100,000ක් දක්වා වූ තෑගි වවුචර ආදී ආකර්ෂණීය ත්‍යාග ලබා ගැනීමේ
අවස්ථාව සලසා තිබෙනවා. 2022 සැප්තැම්බර් 30 වනදා සිට දින 60 ක් පුරාවට මෙම
වැඩසටහන සෑම HNB පාරිභෝගික ඒකකයකදීම ක්‍රියාත්මක වන අතර අවුරුදු 16 ට
අඩු සෑම දරුවෙකුටම මෙම ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
මෙවැනි වැඩසටහන් හරහා දරුවන්ට විනෝද වීමට මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක
හැකියාවන් හා කුසලතා වැඩිදියුණු වන අතරම ඔවුන් තුළ ආත්මවිශ්වාසය, ඉදිරිපත්
වීමේ හැකියාව සහ සමාජානුයෝජනය වැනි ගුණාංග වර්ධනය වෙයි. සැමදා දරුවන්ට
හොඳම දේ තිළිණ කිරීමේ වගකීම මැනවින් තේරුම්ගත් HNB බැංකුව දැයේ දරු පරපුරට
දීප්තිමත් අනාගතයක් උදා කරදීම වෙනුවෙන් ඇප කැපවී සිටී.
්‍යභඊ කළමනාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්, HNB ප්‍රධාන
මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්‍රිගෝ හා HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය
පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න යන
මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් දීප ව්‍යාප්ත HNB ශාඛාවල පැවති ලෝක ළමා දින
සැමරුම් උත්සවවලට සහභාගී වූ අයුරු.
අදාළ පුවත්
“2026 සැප්තැම්බර් මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි”
AkzoNobel Sri Lanka සමාගමේ ‘පින්තාරු ප්රණාම’ තුළින් Dulux පින්තාරු ශිල්පීන්ට උපහාර
City of Dreams Sri Lanka හි NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි