මේ අතර, වත්තල දික්ඕවිට තල්දියවත්ත ප්‍රදේශයේදී වර්තමානයේ පවතින සක්‍රීය මෝසම් තත්ත්වය සහ මුහුදු රළෙහි ප්‍රබලතාව ඉහළ යාම හේතුවෙන් හානියට පත්ව ඇති නිවසක්ද පරිසර අමාත්‍යවරයා විසින් අද නිරීක්ෂණය කරන ලදී.
මුහුදු රළ ප්‍රබල වීමත් සමඟ මුහුදු ජලය ගොඩබිම දෙසට පැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ජීවිත හා දේපළවලට ඇතිවිය හැකි අවදානම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.
වෙරළ ඛාදනය සහ මුහුදු රළ හේතුවෙන් ජනතාවගේ ජීවිත හා දේපළවලට සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ඇගයීම් සිදුකර, කඩිනම් සහ දිගුකාලීන විසඳුම් හඳුනාගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ අනුව, අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රදේශයේ වෙරළ ඛාදන තත්ත්වය පිළිබඳව අවශ්‍ය තාක්ෂණික අධ්‍යයන සිදුකර, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
ජනතාවගේ ආරක්ෂාව, වෙරළ පරිසර පද්ධතියේ සංරක්ෂණය සහ නීත්‍යානුකූල වෙරළ කළමනාකරණය තහවුරු කිරීම රජයේ ප්රමුඛ වගකීමක් වන අතර, වෙරළ කලාපය ආශ්රිත සියලුම සංවර්ධන හා සංරක්ෂණ කටයුතු අදාළ නීති, රෙගුලාසි සහ තාක්ෂණික නිර්දේශයන්ට අනුකූලව සිදුකිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදීද ගනු ඇත.