ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට පිහිටවු ජාතික ශිෂ්‍ය තානාපති සමුළුව පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ යූසීඑෆ්එම් ශ්‍රවණාගාරයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති (හිටපු මහාධිකරණ විනිසුරු) ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. දිවයිනේ දිස්ත්‍රික් 25 ම නියෝජනය කරමින් පාසල් පද්ධතියතුල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහ විශ්ව විද්‍යාල සිසුන් ගේ දායකත්වයෙන් ආරම්භ කරන ලද රටේ සෑම දරුවෙකුගේම ආරක‍ෂාවතහවුරු කරන මෙම ජාතික ශිෂ්‍ය තානාපති වැඩ පිළිවෙල විවිධ වැඩ සටහන් සංවිධානය කරමින, විශේෂයෙන්ම හිංසනයට ගොදුරුවන ශීෂ්‍ය ශිෂාවන දනුවත් කිරීම සහ ඔවුන්ගේ ගැටඵ වලට සෘජුව මැදිහත් වෙමින් මහගු සේවවයක් සිදු කරනු ලබයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් තම ජාතික ප්‍රතිපත්තිය එළි දැක්වීම එදින සිදු කල අතර පලමු වරට අන්ධ ජනතාව වෙනුවෙන් බ්රේල් ක්‍රමයට සම්පාදනය කරන ලද ජාතික ප්‍රතිපත්තියයේ පිටපතක් පාර්ලිමේන්තු මන්ත්‍රි සුගත් වසන්ත මහතාට පිරිනමන ලදි. හිංසනයට ගොදුරුවන දරුවන් පිළිබදව වාර්තාකරණයේ දී මාධ්‍ය භාවිතය පිළිබදව සකස් කරන ලද මාර්ගෝපදේශයක් එළි දැක්වීම ද එම අවස්ථාවේ දි සිදු වූ අතර ජාතික ශිෂ්‍ය තානාපති සංෂිප්ත වාර්තාව ශිෂ්‍ය තානාපතිවරුන් විසින් ජාතික ළමා ආරක්ෂක බලධරයින්ට පිලි ගැන්වීම සිදු කරන ලදි.