ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL
අනුග්රහයෙන් පැවැත්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය පසුගියදා
සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්රී ලංකාවේ ක්රීඩාවන්ගේ සහ ක්රීඩක
ක්රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් දීර්ඝකාලයක පටන් සුවිශේෂී මෙහෙවරක්
ඉටුකරමින් සිටින SLT-MOBITEL මෙම තරගාවලියේ එකම දුරකථන සන්නිවේදන
සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය.
නුවරඑළිය ගොල්ෆ් ක්රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දින දෙකේදී ලකුණු
157 ක් රැස්කරගත් කුසල් ජෝන්පිල්ලේ එහි ශූරතාව දිනාගැනීමට සමත් විය.
තවත් ප්රවීණ ගොල්ෆ් ක්රීඩකයෙකු වන සුහයිබ් සංගානි ලකුණු 164 ක් සමගින්
එහි අනුශූරතාව දිනාගත් අතර, පළමු දිනයේදී Best Gross score සඳහා පිරිනැමෙන
වාර්ෂික රන් පදක්කම දිනාගන්නා ලද්දේ කුසල් ජෝන්පිල්ලේ විසිනි.
තරගකරුවන් 80 කට අධික පිරිසක් මෙවර තරගාවලිය එක්වී සිටි අතර සංගානි
(A), ජෝන්පිල්ලේ (B), රොහාන් අමීර්තයියා (C) සහ ආචාර්ය ඒ. අමුණුගම (Masters)
Nett ඉසව් වලදී තම කාණ්ඩ වල ජයග්රහණ හිමිකර ගැනීමට සමත් වූහ. දින
තුනක් පුරා පැවති මෙම තරගාවලිය ග්රැහැම් සින්ක්ලෙයාර් කුසලානය සමගින්
ආරම්භ වූ අතර, ඉන් අනතුරුව වාර්ෂික රන් සම්මාන තරගද, අවසානයේදී
ප්රධාන ශූරතා තරගාවලියද පැවැත්විණි.
ක්රීඩාව ප්රවර්ධනය කිරීමේ උත්සාහය යටතේ ගොල්ෆ් ක්රීඩාවේ උන්නතියට දායක
වීමේ මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් SLT-MOBITEL විසින් මේ ආකාරයට
2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලියට අනුග්රාහකත්වය ලබාදෙන ලදි.
මෙම වසරේ මීට පෙර ප්රථම වරට පැවැත්වුණු Eagles’ Quadrangle Cup ගොල්ෆ්
කුසලාන තරගාවලියට අනුග්රහය ලබාදීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.
අදාළ පුවත්
“2026 සැප්තැම්බර් මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි”
AkzoNobel Sri Lanka සමාගමේ ‘පින්තාරු ප්රණාම’ තුළින් Dulux පින්තාරු ශිල්පීන්ට උපහාර
City of Dreams Sri Lanka හි NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි