ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම පාරිසරික
සමාජ පාලන (Environmental Social Governance - ESG) වැඩසටහන් මාලාවේ තවත් පියවරක්
වශයෙන්, අනුරාධපුර සහ කොළඹ යන ප්‍රදේශ වල රුක්රෝපණ වැඩසටහන් දෙකක්
ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේ ය.
‘'රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු' යන තේමාව යටතේ, වාතයේ ගුණාත්මක භාවය
වැඩිදියුණු කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ නිරෝගී පසක් ඇතිකිරීම යන කරුණු
මුල්කරගත් ප්‍රතිඥාවක් ඔස්සේ SLT-MOBITEL විසින් මෙම දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන
ක්‍රියාවට නංවා ඇත.
කොළඹදී පැවති රුක් රෝපණ වැඩසටහන පවත්වන ලද්දේ, ජාතික නාමල් උයන ජාත්‍යන්තර
පාරිසරික සංවිධානයේ 31 වන සංවත්සරයට සමගාමීව ය. වැඩසටහනේ හවුල්කරු ලෙස
කටයුතු කළේ A Sat Co Lanka Technology (පුද්.) සමාගමයි.
මීට අමතරව අනුරාධපුරයේ පූජනීය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී මී පැළ සිටුවීමේ
වැඩසටහනක් සංවිධානය කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. මේ යටතේ SLT-MOBITEL හි
නිලධාරීන් විසින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට මී පැළ ලබාදෙන ලදි.
පළිබෝධ පාලනයට දක්වන දායකත්වය, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට
ඇති හැකියාව, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ස්වාභාවික ඖෂධයක් ලෙස භාවිතා වීම
යන කරුණු සැලකිල්ලට ගනිමින් SLT-MOBITEL විසින් මෙම වැඩසටහන සඳහා මී ගස
තෝරාගන්නා ලදී. මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ ‘තුරු’ නම් ජංගම යෙදුම
ඔස්සේ මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම ය.
මෙම රුක් රෝපණ වැඩසටහන් මාලාව, පරිසරය සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක්
ලබාදෙනු ඇති බව SLT-MOBITEL විශ්වාස කරයි. එමෙන්ම එය වඩාත් පුළුල් සම්බන්ධතා සහිත,
සුරක්ෂිත හා තිරසාර අනාගතයක් හමුවේ SLT-MOBITEL හි පාරිසරික සමාජ පාලන වගකීම්
තවදුරටත් ශක්තිමත් කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්ද වනු ඇත.
අදාළ පුවත්
“2026 සැප්තැම්බර් මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි”
AkzoNobel Sri Lanka සමාගමේ ‘පින්තාරු ප්රණාම’ තුළින් Dulux පින්තාරු ශිල්පීන්ට උපහාර
City of Dreams Sri Lanka හි NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි