ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී
ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින්
‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය වෙළෙඳ නියෝජිතයන්ට තම
පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක්
තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමකි.
Edinborough විසින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැල් ජාලයක් වන Grandeur, මෙම
සේවාව භාවිතා කිරීම ආරම්භ කළ මුල්ම ව්‍යාපාර අතරින් එකකි. mRetail මගින්
පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස බිල්පත් හා වෙනත් ගෙවීම් සිදුකිරීම සහ, SLT-
MOBITEL mCash සේවාව හරහා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම ඇතුළු පහසුකම්
රාශියක් ලබාගත හැකි වේ.
mRetail සේවාව ලබාගැනීමේදී හිමි වන පහසුකම් අතරට ක්ලවුඩ් තාක්ෂණය භාවිතා
වන POS යන්ත්‍ර, mCash Total Digital Banking Payment Gateway විසඳුම්, සන්නාම
ප්‍රවර්ධනය සඳහා central management සහිත ඩිජිටල් දර්ශන තිර සහ පාරිභෝගික
ළබැදියාවන් (Loyalty) කළමනාකරණ විසඳුම් ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් වේ.
එමෙන්ම mRetail සේවාව භාවිතා වන අලෙවිසැල් වලදී SLT-MOBITEL Club Magnet
පාරිභෝගිකයන්ට විශේෂ දීමනාද, හිමිවනු ඇත. තවද මෙමගින් සිම්පත් සක්‍රීය
කරගැනීමේ ස්වයං-සේවාවක් හරහා පාරිභෝගිකයන්ට ක්ෂණිකව SLT-MOBITEL
සම්බන්ධතාව ලබාගැනීමටද අවස්ථාව හිමි වේ.
මේ සියල්ලට අමතරව mRetail භාවිතා කරන පාරිභෝගිකයන්ට කාණ්ඩ මත පදනම් වූ
අලෙවිකරණ සේවාවන් සහ mAgents නියෝජිතයන් හරහා සිදුකරන Ecochanelling භාණ්ඩ
බෙදා හැරීමේ සේවාවද, ලබාගත හැක.
ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්රය විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතින
මෙවන් අවධියක, එම ක්ෂේත්රය වඩාත් කාර්යක්ෂම කරන සහ ගෙවන මුදලට උපරිම
වටිනාකමක් ලබාදෙන තාක්ෂණයන් හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කරමින් සිටී.
අදාළ පුවත්
“2026 සැප්තැම්බර් මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි”
AkzoNobel Sri Lanka සමාගමේ ‘පින්තාරු ප්රණාම’ තුළින් Dulux පින්තාරු ශිල්පීන්ට උපහාර
City of Dreams Sri Lanka හි NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි