ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන
SLT-MOBITEL, නත්තලේ ප්‍රීතිය ආර්ථික දුෂ්කරතා ඇති ප්‍රජාවන් සමඟ බෙදාගැනීමේ
අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "සබැදියාවේ නත්තල" ප්‍රජා
සවිබලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් වශයෙන් දිවයින පුරා සිටින ආර්ථික
අපහසුතා ඇති පාසල් දරුවන් හට ඊලග අධ්‍යන වර්ෂය සඳහා අවශ්‍ය පාසල් උපකරණ
බෙදාදීම සිදු කරන ලදී.
ප්‍රජා උන්නතිය හා සවිබලගැන්වීම අරමුණු කරගත් "සබැදියාවේ නත්තල", SLT-MOBITEL
පාරිසරික සමාජ පාලන (Environmental Social Governance - ESG) වැඩසටහන් මාලාවේ
තවත් එක් පියවරක් වශයෙන් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා
දරුවන් හට නත්තලේ සතුට විඳීමට සහය වීමට හා නව අධ්‍යයන වර්ෂය සඳහා සුදානම්
වීමට අවශ්‍ය පාසල් උපකරණ සමඟින් වෙනත් ත්‍යාග බෙදාදීම සිදුකරනු ලබයි.
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,
තාක්ෂණික දියුණුව හා අර්ථවත් සමාජ සත්කාරක සේවා හරහා ප්‍රජා උන්නතිය සඳහා
කටයුතු කරමින් ශ්‍රී ලංකාව තාක්ෂණික දියුණුවේ මීළඟ අදියර දක්වා සමීප කරවීමට
කැප වී සිටී.
අදාළ පුවත්
“2026 සැප්තැම්බර් මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි”
AkzoNobel Sri Lanka සමාගමේ ‘පින්තාරු ප්රණාම’ තුළින් Dulux පින්තාරු ශිල්පීන්ට උපහාර
City of Dreams Sri Lanka හි NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි